Latestවිදේශීය

නෙතන්යාහුට එරෙහිව ඊශ්‍රායලයේ උද්ඝෝෂණ

හමාස් සංවිධානය විසින් පසුගිය වසරේ ඔක්තෝබරයේදී පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එම සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන ලෙස ඊශ්‍රායල රජයට බල කරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ටෙල් අවීව් නුවර අධිවේගී මාර්ගයක් අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රී ටෙල් අවීව් නුවර අධිවේගී මාර්ගයට එක්රොක් වූ ඊශ්‍රායල විරෝධතාකරුවන් ටයර් පුලුස්සමින් එම මාර්ගය මුළුමනින්ම වසා දැමීමට පියවර ගත් බවත්, විරෝධතා මැඬ පැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන් සමඟ ගැටුම් ඇති කරගත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

විරෝධතා විසුරුවා හැරීමට ඊශ්‍රායල පොලිසිය දැඩි උත්සාහයක නිරත වී ඇතැයි ද, විරෝධතාකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානයේ සාමාජිකයන් ඊශ්‍රායලයට කඩා වැදී දරුණු ප්‍රහාරයක් එල්ල කළ අතර, ඊශ්‍රායල ජාතිකයන් 239 දෙනකු ප්‍රාණ ඇපයට ගෙන තිබිණි. පසුගිය කාලයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගත් තාවකාලික සටන් විරාමය අතරතුර

ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස ලැබී තිබූ අතර, තවත් සැලකිය යුතු පිරිසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූ බව වාර්තා වේ. ඒ අතුරින් තවත් 101 දෙනකු තවමත් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා සිටින බව වාර්තා වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *