Latestදේශීය

ජනතා දේපල අයථා පරිහරණය සොයා මෙහෙයුම්

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝ ජිප් රථයක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය විසින් සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.

නුවරඑලිය හැඩ්න්හිල් මාර්ගයේ පිහිටි නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් භුමියේ මෙම ජිප් රථය වසර ගණනාවක් තිස්සේ ගාල් කර ඇති බවත්, එම ජිප් රථය මේ වන විට සම්පුර්ණයෙන්ම දිරාපත් වි දැඩි අබලන් තත්ත්වයේ පවතින බවයි පොලිසිය කියා සිටියේ.

නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කල අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික සම්බන්ධිකරණ නිලධාරියෙකුට භාවිතා කිරිම සදහා එවකට මෙම ජිප් රථය ඇතුළු තවත් ජිප් රථයක් අමාත්‍යවරයා විසින් ලබා දි ඇති බවත්, අනෙක් ජිප් රථය සොයා මේ වන විට පොලිස් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

නුවරඑලිය ප්‍රදේශයේ රජයට අයත් වාහන සගවා ඇති බවට ලද තොරතුරක් මත මේ වන විට ජිප් රථ දෙකක් සොයාගෙන ඇති බවත්, තවත් රජයේ වාහන කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබි ඇති හෙයින් එම වාහනද පොලිස් භාරයට ගැනිමට කටයුතු කරන බවද පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *