මහබැංකු ලොක්කන්ගේ වැඩ තහනම්
ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල පියවරක් වශයෙන් චෝදනා එල්ල වී සිටින ඉහළම නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම වැඩ තහනම පිළිබඳව තහවුරු කර ඇත. බැඳුම්කර කොල්ලය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන අභ්‍යන්තර පරීක්ෂණයේ ප්‍රධාන පියවරක් ලෙස එම වැඩ තහනම සිදු කර ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව අදාළ අභ්‍යන්තර පරික්ෂණ අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යන බව වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

