Latestදේශීය

ඇමතිවරයෙක් ලෙස හිටපු ගම්මන්පිල කරලා තියෙන්නේ වැරදි වැඩක් – විජිත හේරත්

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට දින තුනක කාලයක් ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි.

රජය සතුව තිබිය යුතු වාර්තාවක් පිටට ගිය කෙසේදැයි පරීක්ෂණ කළ යුතු බවත් මෙපමණ කලක් එවන් වාර්තාවක් රහසිගතව තබා ගැනීම අපරාධයක් බවද හෙතෙම කියා සිටී.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට සූදානම් බවත් හෙතෙම අද පැවැති කැබිනට මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

රජය සතුව ඇති වාර්තාව නිවැරදි ක්‍රමවේදයට පරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා බැඳී සිටින බවත් හෙතෙම පැවසුවේය.

අදාළ වාර්තාව ගම්මන්පිල මහතාට ලැබුණු ආකාරය හෙළි කළ යුතු බවත් එම වාර්තා ඔහු සතුව ඇත්තේ නම් රජයට භාරදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටීයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *