Latestදේශීය

විකුණගන්න බැහැ – සීනි, එතනෝල් ගොඩගැහිලා

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ආයතනවල නිෂ්පාදිත සීනි සහ එතනෝල් විකුණා ගැනීමට නොහැකිව ගොඩගැසී ඇතැයි පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා පැවසීය.

පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ සීනි මෙටි්‍රක් ටොන් විසිදහසක් සහ එතනෝල් ලීටර් දස ලක්ෂ හතළිස්දහසක් ගොඩගැසී තිබේ. මෙම තත්ත්වය මත සීනි ගබඩා කරන ගබඩාවන්ද පිරීගොස් ඇති අතර එතනෝල් බහාලන ටැංකි පිරී පවතී. ඉදිරියේදී නිෂ්පාදනය කෙරෙන සීනි සහ එතනෝල් ගබඩා කිරීම ද ගැටලුවක් වී ඇතැයි ඒ මහතා පැවසීය.

ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට සීනි සහ එතනෝල් අලෙවිය අඩුවෙමින් පවතින අතර වැට් බද්ද නිසා සීනි මිල සහ එතනෝල් මිල වැඩිවීමත් අරක්කු අලෙවිය අඩුවීමත් නිසා මෙම තත්ත්වය උදාවී ඇත.

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ සීනි මෙටි්‍රක්ටොන් තුන්දහසක් පමණ තිබෙන අතර එතනෝල් ලීටර් ලක්ෂ අටහමාරක් පමණ ටැංකි තුළ පවතින බැව් සෙවනගල සීනි කර්මාන්තායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර ලියනගේ මහතා සඳහන් කරයි.

ඉල්ලුම්කරුවන් සීනි කිලෝවක් රුපියල් එකසිය පනහක පමණ අඩු මිලකට ඉල්ලීමත් එතනෝල් සහ සීනිවලට පසුගිය වසරේ බදු මුදල් වැඩි කිරීමත් නිසා අරක්කු නිෂ්පාදකයින් එතනෝල් මිලදී ගැනීම අඩු කිරීමත් මෙම තත්ත්වයට හේතු වී ඇත.

කර්මාන්ත ශාලාවල ගොඩගැසී ඇති සීනි සහ එතනෝල් අලෙවි කිරීමට කඩිනම් පියවර නොගතහොත් ගබඩා පහසුකම් නොමැතිව ඉදිරියේදී නිෂ්පාදන ගබඩා කිරීමට නොහැකි වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *