දකුණු කොරියානු සියලුම දේශ සීමා මාර්ග උතුරු කොරියාව පුපුරුවා හරියි
දකුණු කොරියාව එකට යා කළ සියලු දේශසීමා මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල උතුරු කොරියාව විසින් පුපුරුවා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු නායක කිම් ජෝ උන්ගේ නියෝගය මත එරට හමුදාව විසින් එම මාර්ග පුපුරුවා හැරීමට කටයුතු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. උතුරු කොරියාව මේ පියවර ගෙන ඇත්තේ පසුගියදා දකුණු කොරියාවේ සිට උතුරු කොරියානු අගනුවරට ඩ්‍රෝන මඟින් රාජ්‍ය විරෝධී ප්‍රචාරක පත්‍රිකා හෙළීම හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවද එම සිදුවීම පිළිබඳ දකුණු කොරියාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවත් වාර්තා වේ.
ඉතා කලාතුරකින් පමණක් භාවිතයට ගන්නා උතුරු කොරියා සහ දකුණු කොරියාව අතර දුම්රිය හා මහා මාර්ගය පුපුරුවා විනාශ කිරීමට පෙර දින කිහිපයක් වසා දැමීමට උතුරු කොරියානු රජය පියවර ගෙන තිබූ අතර, දෙරට සම්බන්ධ වන මාර්ග පුපුරුවා හැරීමට තීරණය කරනු ලැබුවේ දෙරට අතර යුද උණුසුම මඟහරවා ගැනීමේ අරමුණින් බව උතුරු කොරියානු රජය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

