කළුතර මුහුද ගොඩ ගලයි
කළුතර උතුර ප්‍රදේශයේ අද (16) උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය පවසයි.
කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයකට ආසන්න දුරක නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්, සංචාරක නිවාඩු නිකේතන රැසක්ද, කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක පරිශ්‍රය සහ අතුරු මාර්ග රැසක්ද මුහුදු ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය.
මේ අතර, දකුණු මුහුදු තීරයේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවත ප්‍රදේශයෙන් ද මුහුදු රළ ගොඩබිමට පැමිණීම ආරම්භ වී ඇති බව වාර්තා වේ.
අද (16) අලුයම් කාලයේ සිට මුහුදු රළ විටින් විට ගොඩබිමට පැමිණ ඇති අතර ඉන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
මුහුදු ජලය සමග මුහුදු වැලි හා නොයෙකුත් අපද්‍රව්‍ය ද මාර්ගයට ගසාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

@newsi.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

