මේ නිහඬබව මහඇමති ධූරයක් හෝ වෙන කරුණක් නිසා ද?
සමගි ජන බල සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අවසන් මොහොතේ නාමයෝජනා ලබා නොදී කපා හැරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ දමිතා අබේරත්න නිහඬවීම අභිරහසක් බවට මත පළ වෙමින් තිබේ.
එම නාම යෝජනා කපා හැරීමෙන් පසුව තමන් සතුව සියලු හඬ පට තිබෙන බවත් විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. ඉන් පසුව හේෂා විතාන සමඟ සිදු කළ සාකච්ඡාවල හඬපට දෙකක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබිණි. එහෙත් මේ දක්වා කිසිදු අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු නොවීමේ රහස කුමක් දැයි මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු වී ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ දී මහ ඇමති අපේක්ෂක ධුරයක් ලබා දීම පිළිබඳ පොරොන්දුවක් හෝ විශාල මුදලක් ලබා දීම මගින් හෝ වෙනයම් සුවිශේෂි මැදිහත්වීමක් මගින් නිහඬ කරවා ඇති බවට අනුමාන කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

