සජබ මහලේකම්ගේ ජාතික ලැයිස්තු ආසනය මට දෙන්න – දමිතා අබේරත්න
පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න බැරි සහ බිහිරි පිරිසක් දැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය විමසයි.
අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ එවැනි සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් කළ තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුවානම් පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඒ වෙනුවට තමන්ගේ නම ඇතුළත් කරන ලෙසටය.
“මට අහන්න තියෙන්නේ සමගි ජනබල වේගයේ ලියන්න බැරි, කතා කරන්න බැරි, කන් ඇහෙන්නේ නැති මිනිස්සු ද ඉන්නේ. සන්නිවේදනයේ ප්‍රශ්න තියෙන්න ඕනේ එහෙම නං නේ නේද? මේවා විහිළු. ඉතින් දැන් ඔය මහලේකම්තුමා කියනවා නේ සංනිවේදනයේ ප්‍රශ්නයක් කියලා. එහෙනම් ඉතින් ජාතික ලැයිස්තුවෙන් ඔබතුමා අයින් වෙලා හරි මාව දාන්න.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

