Latestදේශීය

ඇප නැවතත් ප්‍රතික්ෂේපයි – ඇලෝසියන්ට ජම්පරය අන්දයි

රජ­යට අය විය යුතු රුපි­යල් කෝටි 355ක (බිලි­යන 3.55ක) වැට් බදු ගෙවීම් නොගෙවා පැහැ­ර­හැර ඇති බව කියන චෝද­නාව යටතේ මාස හයක සිර­ද­ඬු­වම් නියම වූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමා­ගමේ අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ අර්ජුන් ඇලෝ­සි­යස් ඇතුළු දෙදෙ­නාට ඇප ලබා­ දෙන ලෙසට ඉදි­රි­පත් කරන ලද අභි­යා­ච­නය දෙවැනිවර­ටත් කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් බණ්ඩාර ඉළං­ග­සිංහ මහතා ඊයේ (16) ප්‍රති­ක්ෂේප කළේය.

අප­රාධ නඩු­වක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙසට සැක­ක­රු­වන් වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා විසින් කරන ලද ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය ලබා දෙනු ලැබීය.

මෙම සිද්ධිය දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව මඟින් සහ­ති­ක­යක් මත ඉදි­රි­පත් කර ඇති බැවින් ඇප මත මුදා හැරී­මට තමා හට ප්‍රති­පා­දන නැති බව මහේ­ස්ත්‍රා­ත්ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ලබා දෙන ලද ලිහිල් වැඩ සහිත මාස හයක සිර­ද­ඬු­වම විකල්ප දඬු­ව­මක් වන බැවින් එය අප­රා­ධ­මය නඩු­ක­ර­යක් බවට පත් නොවන බව පෙන්වා දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කරනු ලැබු­වේය.

සැක­ක­රු­වන් වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ රසික් සාරුක් සහ නීතිඥ අක්‍රම් මහ­ත්වරු අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

මෙම සිද්ධි­යට අදා­ළව කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් බණ්ඩාර ඉළං­ග­සිංහ මහතා ඉකුත්දා (14) ලබා දුන් මාස හයක සිර­ද­ඬු­වම් නියෝ­ගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමා­ගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝ­සි­යස් ඇතුළු දෙදෙ­නකු විසින් කොළඹ මහා­ධි­ක­ර­ණ­යට යොමු කිරීම සඳහා භාර­දුන් අභි­යා­ච­නය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් බණ්ඩාර ඉළං­ග­සිංහ මහතා එදින පස්ව­රුවේ ද ප්‍රති­ක්ෂේප කර තිබිණි.

රජ­යට ගෙවී­මට නිය­මිත බදු මුදල් කොටස් වශ­යෙන් ගෙවී­මට අව­සර දෙන ලෙසත් තමන්ට නියම කළ මාස හයක සිර­ද­ඬු­වම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඔවුන් සිය අභි­යා­ච­නය මඟින් ඉල්ලා තිබිණි.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා අදාළ ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය.

2016 සහ 2019 අතර කාලය තුළ රජ­යට අය විය යුතු බදු මුදල වන රුපි­යල් බිලි­යන 3.55ක් ගෙවන ලෙසට විත්ති­ක­රු­වන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය ආදා­යම් කොම­සා­රි­ස්ව­රයා මෙම නඩුව පවරා තිබිණි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *