Latestදේශීය

නාවික හමුදාව ගිං ග‍ඟේ විශේෂ මෙහෙයුමක

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් පසුගිය දා (14) ක්‍රියාත්මක කෙරිණි.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළි  කසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින්, ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, පසුගිය දා දකුණු නාවික විධානය මඟින් එම විධානයට අනුයුක්ත නාවික හමුදා කණ්ඩායමක්  යොදවා  අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුල සිදුකල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම මඟින් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම වැලැක්වීමට හැකි විය.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *