Latestවිදේශීය

ඇමරිකාව කෙලින්ම යුද්ධයට ඇතුළු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාව මැදිපෙරදිගට ප්‍රවේශවෙමින් යේමනයේ තොරාගත් ඉලක්ක වෙත ඊයේ (16) රාත්‍රියේ බෝම්බ හෙලා තිබේ.

යේමනයේ රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන්නේ හූති කැරලිකරුවන්ගේ හඳුනාගත් ඉලක්කවලට B2 යානා මගින් බෝම්බ හෙළන ලද බවයි. එම ප්‍රහාරවලින් හූති සංවිධානයට අයත් අවි ආයුධ ගබඩා පුපුරවා හරින ලද බව වැඩි දුරටත් නිවේදනය කර ඇත. අවි ගබඩා වැඩි ප්‍රමාණයක් භූගත බංකර තුළ පිහිටා තිබූ බවද වැඩි දුරටත් එම නිවේදනවල දැක්වේ.

එහෙත් එම ප්‍රහාර මගින් මහජනතාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් මියගිය සහ තුවාල ලැබූ පිරිස පිළිබඳව නිශ්චිත දත්ත හෙළි කර නැති බවත් ජාත්‍යන්තර වාර්තාවලින් හෙළි වේ. ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කරන අතර ඇමරිකාව යේමනයට ප්‍රහාර එල්ල කිරීම මගින් මැදපෙරදිග යුද්ධය මේ වනවිට තවත් බිහිසුනු තත්වයට පත්ව ඇතැයි විචාරකයින් පෙන්වා දී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *