උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට එරෙහිව වාරණ නියෝගයක්
මාතලේ මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යළි දිවයිනට පැමිණීමෙීදි ගුවන් තොටුපලේදී පසු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ(16) නියෝගයක් නිකුත් කළේය.
මාතලේ මහාධිකරණ විසින් දුන් පෙර නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් උපුල් තරංග වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණ මෙම නියෝගය නිකුත් කර ඇත.
නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට මාතලේ මහාධිකරණය පසුගිය ඔක්තෝබර් 8 වැනිදා වරෙන්තු නිකුත් කළේය.
ඇමරිකාවේ ක්‍රිකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටින තරංගට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබූ බව ඔහුගේ නීතීඥයන් අධිකරණයට දන්වා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

