Latestදේශීය

පුංචි ලෝකාන්තයට විසිකල තරුණයාගේ සිරුර හමුවෙයි

පුද්ගලයින් දෙදෙනකු විසින් පහරදී ඝාතනය කර පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකර දමා තිබූ 22 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් කමාන්ඩෝ සෙබලුන් විසින් ඊයේ (16) සොයාගෙන ඇත.

මඩොල්සිම ප්‍රදේශයට අයත් පුංචි ලෝකාන්තය ප්‍රදේශයේදී ඉකුත් 01 වැනිදා හාලිඇල රොසට්වත්ත ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියැදුරෙකු වන විවේකානන්දන් සුජීවන් නැමැති තරණයා මෙලෙස ඝාතනය කර විසිකර තිබුණි.

මේ සම්බන්ධයෙන් හාළිඇල පොලිසිය මඟින් පසුගිය දා (15) අත්අඩංගුවට ගත් සැකකරු රථ වාහන බ්‍රෝකර්වරයෙක් ලෙස කටයුතු කරන බවත්, මොහු කලක් කොළඹ ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් එය බංකොලොත් වීමෙන් අනතුරුව යළි මඩොල්සිම බටාවත්ත නිවෙසට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් චන්ද්‍රබොස් දයාලන් නමැති සැකකරුගේ ත්‍රිරෝද රථය හාලිඇළ රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මිලදී ගෙන ඇති බවත්, පසුව මෙම සැකකරු මැණික් ගල් කිහිපයක් සහ රන්භාණ්ඩ කිහිපයක් විකිණීමට යෑමට ඇති බව පවසා හාලිඇළ රොසට්වත්තේ ත්‍රිරෝද රථ රියැදුරු මඩොල්සිම නගරයට පසුගිය 1 වැනි දින අලුයම ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

එහිදී මෙම සැකකරුවන් දෙදෙනා, මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හල අසලදී ඝාතනයට ලක්වූ තරුණයා පැමිණි ත්‍රිරෝද රථයට ගොඩ වී මඩොල්සිම පුංචි ලෝකාන්තය මාර්ගයේ ලඳු කැලෑවක සඟවා තිබෙන මැණික් ගල් සහ රන්භාණ්ඩ ගැනීමට යන මුවාවෙන් ඔහු රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

පසුව මෙම ප්‍රධාන සැකකරු යළි තමාගේ ත්‍රිරෝද රථය දෙන ලෙසට හාලිඇළ තරුණයාගේ ඉල්ලා ඇති බවත්, එහිදී ඇති වූ ආරවුලක් මත සැකකරු ඔහුගේ මිතුරා සමඟ එක්වී මෙසේ තරුණයාට පහරදී ඝාතනය කර පසුව සිරුර දෙදෙනා අල්ලාගෙන ඔසවා මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දමා ඇතැයි පොලිසිය සඳහන් කළේය. කෙසේ වෙතත් අබිරහස් ලෙස වැළලීමට ගිය මනුෂ්‍ය ඝාතනයක් හෙළිදරව් කර ගැනීමට හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතා සමත් වීමත් සමඟ මෙම සිදුවීම සිදුවී සතිදෙකක් යන්නට මත්තෙන් ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනා, ත්‍රිරෝද රථය, මුදල් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

හාළිඇල පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *