Latestදේශීය

නාමල්ව සතයට බස්සා අත්අඩංගුවට ගන්න – “ප්ලස් වන්” කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බව ‘ප්ලස් වන්’ සංවිධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු වින්සඳ යසස්මිණි මහතා පෙන්වා දෙන්නේ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ ප්‍රබලම අරමුණ රාජපක්ෂවරුන් ජනතාවගෙන් කොල්ලකෑ ධනය නැවත අත්පත් කරගැනීම බවයි.

එසේ කොල්ලකන ලද ජනතා ධනය හැකි නම් සොයා ගන්නයි නාමල් රාජපක්ෂලා ට්විටර් පණිවිඩ තබමින් අභියෝග කර ඇති බවද ඔහු කියා සිටී.

මේ පිළිබඳව ඔහු ජනාධිපති කාර්යාලට සංදේශයක් බාරදී දී ඇති අතර මහජන ධනය කොල්ල කෑ අය මෙසේ පුරසාරම් දොඩනු දැකීමට අකමැති බවත් කියා සිටී.

දෙකයි පනහේ නාමල් රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී සතයට බස්සා අත්අඩංගුවට ගෙන කොල්ලකෑ ජනතා ධනය යළි අත්පත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *