හමාස් නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි
හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව BBC පුවත් සේවය ඊයේ (17) වාර්තා කළේය.
ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් මේ බව තහවුරු කළ බව එහි වැඩිදුරටත් දැක්වේ.
තම ප්‍රහාරයකින් හමාස් නායක යහියේ සින්වාර් මියගොස් ඇතැයි තමන් තදින් විශ්වාස කරන බව ඊශ්‍රායල හමුදාව මීට පෙර පවසා තිබුණි.
එම මරණය තහවුරු කරගැනීමට සැකකටයුතු මළසිරුරක් පරික්ෂා කරමින් සිටින බවද ඔවුන් එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේය.
ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන්නේ ද යාහ්යා සින්වාර් වේ.
මේ අතර ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ගිය ගොඩනැගිලි සුන්බුන් අතර ඇති සින්වාර් ගේ බවට සැකකෙරෙන මළසිරුරක ඡායාරූප ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය පළකර ඇත.
ඒ අසල අවි රැගත් ඊශ්‍රායලය සොල්දාදුවන් සිටින අයුරු ද නිරූපණය වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

