Latestවිදේශීය

කෑම නම් කෑම, වෙන දේවල් බැහැ – මෙටා සමාගම සේවකයින් 30ක් රැකියාවෙන් ඉවත් කරයි

දෛනික ආහාර වේල් ඇණවුම් කිරීම සඳහා ලබා දෙන මුදල් වවුචර ආහාර නොවන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යොදාගත් සේවකයන් 30කට අධික සංඛ්‍යාවක් සේවයෙන් නෙරපීමට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය අයත් ”‍ මෙටා ”‍ සමාගම විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .

ෆෙස්බුක් ,ඉන්ස්ටග්රම් හා වට්ස්ඈප් ”‍ යන සමාජ මාධ්‍ය ජාලයන් පාලනය කරන මෙටා සමාගම අදාළ මාධ්‍ය ජාලයන්ට අයත් සේවකයන් පිරිසක් උදැසන ආහාර වේල ඇණවුම් කර මිලදී ගැනීම සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලර් 20,දිවා ආහාර වේල සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලර් 25 සහ රාත්‍රී ආහාර වේල සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලර් 25ක මුදල් වවුචර දත් බෙහෙත් ,රෙදි සෝදන කුඩු වැනි ආහාර නොවන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යොදා ගෙන ඇති බවත් ,තවත් පිරිසක් එම මුදල් වවුචර වෙනත් අයට ලබා දීම හා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය ඉක්මවා ඇණවුම් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ .

මෙටා සමාගම සිය සේවකයන් සඳහා දෛනිකව ආහාර වේල් තුනක් ඇණවුම් කිරීම සඳහා මුදල් වවුචර ලබා දී ඇත්තේ ඇමරිකානු ආහාර පාන සපයන වෙබ් අඩවියක් වන ”‍ගෘබ්හබ් ”‍ වෙබ් අඩවියෙන් ආහාර ඇණවුම් කිරීම සඳහා බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි ,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *