Latestදේශීය

රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතහතා ඊයේ (18) ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි රුසියානු තානාපතිවරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර, සුහද සාකච්ඡාවක් සිදුකෙරිනි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද, සිදු විය.

රුසියානු ආරක්‍ෂක උපදේශක කර්නල් Sergey Belyankin සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද, මෙම අවස්ථාවට එක්ව සිටියහ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *