නොවැම්බර් 14 මැතිවරණය එපා – වන්නියෙන් පෙත්සමක්
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
තම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
අදාළ පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදයරාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයන්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර ඇත.
සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා තීරණය කර ඇති බවත් එම තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කර ඇති පෙත්සම්කරුවන් එම තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වැනිදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

