බදු ගෙවාගන්න බැරිනම් රජයට කියන්න
ව්‍යාපාර කටයුතු අවසන් කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවා ගැනීමට නොහැකි වී ඇත්නම් ඒ සඳහා සිදු කර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම් ඒ බව සනාථ කළ හැකි ලේඛන නොවැම්බර් 30ට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවය.
ඒ අනුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ www.ird.lk නිල වෙබ් අඩවියට පිවිස 2023 හා 2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමු කිරීමට හැකිය.
ආදායම් වාර්තා මාර්ගගත ක්‍රමයට යොමු කිරීමට අපහසුතාවයක් ඇත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ කළමනාකරණ අංශය හෝ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ ලියාපදිංචිය අක්‍රීය කරගැනීමට අවශ්‍ය සහාය ලබා ගැනීමට පහසුකම සලසා අතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

