Latestදේශීය

මිලියන 250ක අයිස් අත්අඩංගුවට

රුපියල් මිලියන 250ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසා සිටියේ, මැලේසියානු ගුවන් සේවයේ MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පසුගිය දා (18) රාත්‍රියේ කටුනායකට ළඟා වූ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටව යාමට සැකකරු උත්සහ දරා තිබූ අතර, රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කිරීමේ දී තේ කොළ අඩංගු පැකට් වල සුක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 179ක තොගයක් සොයාගැනීමට හැකි වී තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 250ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරු 35 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දුන් බව සඳහන්වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *