Latestදේශීය

හිටපු ඇමතිවරු බොහෝ දෙනෙක් තවමත් නිල නිවාස බාරදී නැහැ

රජයේ නිල නිවාස බාරදෙන ලෙස හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැදවීම් කල බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

නිල නිවාසවලින් මෙතෙක් බාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණයි.

පසුගිය රජය සමයේ අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස ලබාදී තිබිණි.

නිල නිවාස බාරදීමෙදී ඒවායේ හිග විදුලි බිල්පත් ,ජල බිල්පත් ගෙවීම අනීවාර්‍ය බව එම අමාත්‍යංශය පවසයි.

සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතිබව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

එම දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *