Latestදේශීය

කෙටි කලක් තුළ වැඩිම ණයගත් ජනපති අනුරයි – මනුෂ නානායක්කාර

ජාතික ජන බලවේගය පක්ෂය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද රනිල් වික්‍රමසිංහ මහතා සිදුකල ක්‍රියාදාමයම සිදුකරමින් සිටින බවය.

ජනාධිපතිවරණයේදී ජනතාව රැවටුණු බවත් රාජපක්ෂවරු උගන්ඩාවේ මෙරට සල්ලි සඟවලා තිබෙන වා යැයි එදා ජනාධිපතිවරණ වේදිකාවේදි පැවසා දැන් නැතැයි කියන බවත් හෙතෙම කියයි.

අද ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ කිසිදු පුද්ගලයකු කතා නොකරන බවත් ඔහු පැවසීය.

කෙටිකලක් තුළ ලංකාවේ වැඩිම ණය ගත් ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්ව ඇති බවත් සති 03ක් තුළ කෝටි හැට දහසක ණයක් ගෙන ඇති බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *