Latestදේශීය

යුරෝපා සංගමයේ තානාපතිනිය අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි Carmen Moreno සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගිය දා (18) දින කොළඹ අගමැති කාර්යාලයේදී පවත්වා තිබේ.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාව මෙම හමුව මගින් තහවුරු වී ඇත.

ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීමට ඉවහල් වූ GSP+ වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා යුරෝපා සංගමය ලබා දුන් අඛණ්ඩ සහයෝගයේ වැදගත්කම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කර තිබේ.

දූෂණය පිටුදැකීම සහ ආයෝජන මණ්ඩලය වැනි ආයතන ශක්තිමත් කිරීම තුළින් විදේශ ආයෝජන වැඩි කරගැනීම තම රජයේ අරමුණ බවද අගමැති මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *