Latestදේශීය

ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පවත්වාගෙනගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

සුරියවැව, වැවේගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) දිනයේ මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී මෙරට නිෂ්පාදිත T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හා තවත් අවි කොටස් ඇතුළු උපකරණ හමු වු බව පොලීසිය පවසයි.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි  33 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.‍

@adaderana


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *