දශක දෙකක ඉතිහාසය නිවැරදි කරන්න සැලසුම් – දේශය කියයි
පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් තුළ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන සහ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අදාළ විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම පිළිබඳව අලුතින් සොයා බලන බව වාර්තා වේ.
එවැනි අපරාධ විමර්ශනය කිරීමේ දී නිලධාරීන් විසින් සිදු කරන ලද විෂමාචාර ක්‍රියා මූලික වශයෙන් ම සොයා බැලීමට නියමිත බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. එමෙන් ම සාක්ෂි වසන් කිරීම, පරීක්ෂණ ගොනු නිසි ලෙස සකස් නොකිරීම ඇතුළු කටයුතු පිළිබඳව ද මූලික අවධානය යොමු කර ඇතැයි ‘දේශය’ පුවත් පත වාර්තා කර තිබේ.
වැඩ බලන පොලිස්පතිවරයා මෙන් ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇතැයි එම පුවත් පත වැඩි දුරටත් වාර්තා කර ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

