Latestදේශීය

ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම් වෙඩි වැදී මියයයි

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මෙන්ම හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ ලොහාන් රත්වත්ත මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ඊයේ (20දා) දහවල් වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

හිටපු මන්ත්‍රිවරයාට අයත් කාර්යාලයේ වෙඩි වැදී සිටියදී රෝහල්ගත කිරීමෙන් පසුව මෙසේ මියගොස් ඇත්තේ සංජීව බස්නායක නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු වෙඩි වැදී සිටි ස්ථානයේ ඔහුට අයත් නීත්‍යනුකූල ගිනි අවියද වැටී තිබූ බවත් ඔහු එම ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි සැකකරන බවත් කටුගස්තොට පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මියගිය ලේකම්වරයා මානසික ආතතියට ප්‍රතිකාර ලබාගනිමින් සිටි අයකු බවට වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සොයාබලන බවත් එම නිලධාරියා කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති කේ. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරයි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *