Latestදේශීය

ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් ආරක්ෂක අමාත්‍යංශට

සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි. ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගනු ලැබීය.

ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වන දිනට පෙර භාර දෙන ලෙස සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශය විසින් මේ වනවිට ගිනිඅවි බලපත්‍ර 1650ක් පමණ විවිධ හේතුන් මත නිකුත් කර ඇති බව සඳහන් වේ.මෙම තත්ත්වය තුළ සියලු ගිනිඅවි සහ පතරොම් අදාළ දිනයට පෙර භාර දෙන ලෙසද ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ.එසේ නොවුණහොත් 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යංශය අදාළ බලපත්‍රලාභීන්ට දැනුම් දී තිබේ.

මෙලෙස ආරක්ෂක අමාත්‍යංශයට ලබාදෙන ගිනිඅවි සමාලෝචනය කිරීමෙන් පසු යළිත් වරක් ලබාදීමට බලාපොරොත්තු වන බවද ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *