රටේ ජනතාවට නායකත්වය දෙන්න රනිල් සූදානම් – වජිර කියයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති බල මණ්ඩල රැස්වීමේදී පැවසීය.
පාර්ලිමේන්තුවට තේරීපත්වන මංත්‍රී ධූර සංඛ්‍යාව වැදගත් නොවේ.
වැදගත් වනුයේ නායකත්වයයි.
රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් සිය කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් සිටීයි.
රටේ සියලු ජනතාවට තවදුරටත් නායකත්වය ලබාදීමට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

