විදෙස් ගමන් බලපත්‍ර අර්බුදය අවසන් – විජිත හේරත්
ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය.
මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කරන බවද හෙතෙම පැවැසීය.
මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමඟ නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට… ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වැනිදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

