Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසය වෙනස් කළ යෙවාන් ඩේවිඩ්

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් (Yevan David)ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයෙක් ප්‍රධාන පෙ‍ළේ F3 මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි.

යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියර ලෙස ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගිය සෙනසුරාදා (19) පැවති මෙම තරගයට යොවාන් සහභාගී වි තිබුණි.

17 හැවිරිදි වියේ පසු වන යෙවාන් සිය මංගල තරගයේදී පලපුරුදු ධාවකයින් සමග ධාවන පථයට පිවිසි යෙවාන් තරග ආරම්භයේ සිට දැක්වූ දක්ෂතා විස්තර විචාරකයින්ගේ ඇගයීමට පවා ලක්ව තිබුණි.

යෙවාන් එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායමයි.

මොන්සා ධාවන පථයේ වට 16ක් පැවති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමකල යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8වන අදියර ජයගත්තේය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණ අතරට එක් වේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *