Latestදේශීය

පොල් වලට මොකද වුනේ?

මේ දිනවල වෙළෙඳපොළේ පොල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසර 10 තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 3,52,000ක් කපා තිබෙන බව අනාවරණය වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රධාන ලේකම්, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය පද්මකාන්ත වඳුරාගල මේ බව හෙළි කර තිබේ. ඔහු වැඩි දුරටත් හෙළි කර ඇත්තේ, එම කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් ඉඩම් අක්කර 4,072ක් කට්ටි කර විකුණා ඇති බව ය. එමෙන්ම මෙයට වසර 10කට පෙර පොල් ඉඩම් අක්කර ලක්‍ෂ තුනක් තිබූ බවත්, 2024 වන විට එය අක්කර 93,000ක් දක්වා විනාශ කර ඇති බවත් හෙළි වේ.

ඊට අමතරව රිළවුන්, දඬුලේනුන් වැනි සතුන්ගේ හානි නිසා පොල් අස්වැන්න විශාල වශයෙන් පහත වැටී ඇති බව පෙන්වා දී තිබේ. එම සත්ව හානිවලින් පොල් ගෙඩි කෝටි දහයකට ආසන්න ප්‍රමාණයක් විනාශ කර ඇතැයි ආචාර්යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *