Latestදේශීය

බිත්තර මිල ඉහළට

රජය මගින් පනවා ඇති පාලන මිලට බිත්තර අලෙවි කිරිමට නොහැකි තත්වයන් මත වෙළදුන් බිත්තර වෙළදාම නතර කිරිමට පියවර ගැනිමත් සමග මේ වන විට බිත්තර හිගයක් පවතියි.

සමහර වෙළදසැල්වල බිත්තරයක මිල රුපියල් 55ත් 57ත් අතර මිලකට අලෙවි වන අතර වෙළද සැල් කිපයක බිත්තරය රුපියල් 50ට අලෙවි කරන්නේ සිමා කර පනවමිනි.

බිත්තර වෙළදුන් පවසනුයේ මේ වන විට බිත්තර තොග මිලද රුපියල් 52ක් 54ත් අතර මිල ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත බිත්තර පාලන මිලට ලබා දිමට නොහැකි නිසා බිත්තර අලෙවිය නතර කිරිමට පියවර ගත් බවය.

මෙම තත්වයන් මත නත්තල වන විට මෙම බිත්තර හිගය තවත් වැඩි විමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *