ජොන්ස්ටන් බන්ධනාගාරයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූණේ, හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී, නීතිවිරෝධී ලෙස එකලස් කර ව්‍යාජ අංක තහඩු යොදා භාවිතා කළ BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව.
එම මෝටර් රථයට අදාළ බඳු ගෙවීම් පවා පැහැර හැර ඇති බවත් සොරාගන්නාලද ගරාජ් අංක තහඩුවක් මෙම රථයට යොදා තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ බව මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබිණි.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට සහාය නොදී මගහරිමින් සිටි අතර පසුව අධිකරණය ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කළේය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

