යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වූ චීනයට එරෙහි යෝජනාව
උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2014දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ උයිගර් ජාතික 54 හැවිරිදි ආර්ථික විද්‍යාඥ ඉල්හාම් ටොහ්ටි සහ 2018 වසරේ සිට ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ චෝදනාවට රඳවාගෙන සිටින 62 හැවිරිදි විශ්‍රාමික වෛද්‍ය ගුල්ෂාන් අබ්බාස් වහාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් එම යෝජනාවෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම යෝජනාව සම්මත කරගෙන ඇත්තේ උයිගර් සුලුතර ප්‍රජාව වෙසෙන චීනයේ ෂිංජියැන් ප්‍රාන්තයේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට තොරතුරු වාර්තා වීම සම්බන්ධව යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමු වීමෙන් පසුව බවත්, ඊට පක්ෂව ඡන්ද 540ක් ද, විපක්ෂව ඡන්ද 23ක් ද ලැබුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාර්ලිමේන්තු නියෝජිතයන් 47 දෙනකු චීනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව ද වාර්තා වේ. ෂින්ජියැන් ප්‍රාන්තයේ දැඩි සෝදිසි කිරීම්, බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගැනීම්, කාන්තාවන්ට උපත් පාලන නීති දැඩි කිරීම් ඇතුළු යෝජනා රැසක් එහිදී සම්මත වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

