රත්මලාන දුම්රිය අංගනයේ වෙඩි තැබීමක්
අද (23) අළුයම් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය අංගනයයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය නිවේදනය කරයි .
රත්මලාන දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළු වූ පුද්ගලයින් පස් දෙනෙක් එහි ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදු කර ඇති අතර එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් විසින් සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.
එම වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසයි .
අනෙක් සැකකරුවන් පලාගොස් ඇත.
තුවාල ලැබූ දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

