ගංවතුර අවදානමක්
නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ස්ථාන කිහිපයකට අද (24) අළුයමදී සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මිලිමීටර 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
ඒ හේතුවෙන් නිල්වලා ගංඟා ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇත.
මේ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ, එම දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරගෙන යනු ලබන පානදුගම ජල මාපකයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති බවයි.
අද (24) දිනය තුළදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් මෙම තත්ත්වය වර්ධන වීමේ අවදානමක් තිබෙන බව වාර්මාර්ග දෙපාර්තමෙන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව මගින් නිල්වලා ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව පගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

