Latestදේශීය

ආඝාත රෝගීන් ඉහළ යයි

වර්තමානය වන විට ආඝාත රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කළේ, මේ වන විට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාතය වැළදීමේ ප්‍රවණතාවක් පවතින බවය. 

ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා මෙම අදහස් පළ කළේය.

“සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම තමන්ගේ ජීවිත කාලය තුළ, ආඝාතය වැලඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ආඝාතය කියන්නේ දරුණු රෝගී තත්ත්වයක්. එම රෝගයේ කිසිම දැනුම්දීමක් නෑ. හොඳට ඉඳලා ඊළඟ මොහොතේ එක පාරට එනවා. මට රෝගීන් කියනවා, බයිසිකලය පැදගෙන ගියා එක පාරටම බැලන්ස් එක නැතිවුණා කකුල තියාගන්න උත්සාහ කරද්දි එහෙමම වැටුණා කියනවා. නැගිටින්නත් බෑ ඊට පස්සේ හොස්පිටල් එකට ගෙනාවා කියනවා. කිසිම දැනුම්දීමක් නෑ. හොඳට ඉඳලා ඊළඟ මොහොතේ එනවා. ආඝාතන තමා ලෝකයේ බොහෝ රටවල තුන්වන සහ පස්වෙන ස්ථාන අතර පවතින මියයෑමේ ප්‍රධාන හේතු අතර ආඝාතය සෑදුණු රෝගීන්ගෙන් 90%ක් දෙනෙකුගෙන් වළක්වාගත හැකිව තිබූ කාරණා 10ක් තියෙනවා. ආඝාතය ගැන දැනුවත් නම් එය වැලඳීමේ හැකියාව අඩුයි.”

ආඝාත රෝගය වැළදීමට බලපාන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ද එම මාධ්‍ය හමුවේදී ස්නායූ රෝග විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය මෙසේ පැහැදිලි කළාය.

“ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, ව්‍යායාම අඩු බව, දුම් පානය, අධික මත්පැන් භාවිතය, ක්ලොස්ට්‍රෝල් මට්ටම වැඩි බව, මානසික ආතතිය, තරබාරුකම සහ හෘද රෝගයේ ස්පන්දන වෙනස්කම් දක්වා තිබේ. ආඝාතයට 50%ක් වගේ බලපාන්නේ අධි රුධිර පීඩනය. සෑම ආඝාත රෝගීන් 5 දෙනෙක් ගත්තහම එක් අයෙකුට දියවැඩියවා තියෙනවා. ලෝකයේ ආඝාතයෙන් වසරකට ඇති වෙන ආඝාත තත්ත්වයනේ මිලියනකට පමණ හේතුවෙන්නේ ව්‍යායාම මද බව. නිතිපතා ව්‍යායාමවල යෙදෙනවා නම් ආඝාතයට තුඩු දෙන කරුණු අඩු කරගන්න පුළුවන්.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *