Latestවිදේශීය

තුර්කියට එල්ල වූ ප්‍රහාරයෙන් 5ක් මියයයි – 22කට තුවාල

තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වශයෙන් ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රහාරයට බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ කුර්දි කැරලිකාර කණ්ඩායමක් වන PKK බව එරට බලධාරීන් පවසා තිබේ.

PKK ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තුර්කියේ, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ තහනම් කර ඇති කැරලි කණ්ඩායමකි.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බව විදෙස් වාර්තා පවසයි.

තුර්කි උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ මියගිය අයගෙන් හතර දෙනෙකු නිලධාරින් වන අතර අනෙක් පුද්ගලයා කුලී රථ රියදුරෙකු බවය.

ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයන් පැමිණ ඇත්තේ එම කුලී රථ රියදුරුගේ කැබ් රථයෙන් බවත් එම අවස්ථාවේදී රියදුරාව ඝාතනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගුවන් සේවා සමාගම් මූලස්ථානයේ, වැඩමුරය වෙනස් වන වේලාවක වුවත් කාර්ය මණ්ඩලය ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සිදුකර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 22 දෙනා අතර ගුවන් සේවා සමාගමේ විශේෂ මෙහෙයුම් බළකා සාමාජිකයින් 07 දෙනෙකු ද සිටින බව තහවුරු කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *