Latestදේශීය

දැරියක් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට

උපකාරක පන්තියට පැමිණි 14 හැවිරිදි දැරියක මාස කිහිපයක සිට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාලව රණවරණාව ඔයගාව කණිටු විදුහලේ ගුරුවරයෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණවරණාව, ඔයගාව, කණිටු විදුහලේ ගුරුවෙරයෙකු ලෙස සේවය කරනු ලබන ලුණුගම්වෙහෙර, දකුණු ඉවුර, කුඩා ගම්මාන 05 පදිංචි 43 හැවිරිදි අයෙකි.

සැකකාර ගුරුවරයා විසින් පවත්වාගෙන ගිය උපකාරක පන්තියකට පැමිණි වයස අවුරුදු 14යි මාස 02ක් වයසැති බාලවයස්කාර දැරියක මෙලෙස මාස කිහිපයක සිට අපයෝජනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දැරිය විසින් ලුණුගම්වෙහෙර පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ලුණුගම්වෙහෙර පොලිසිය විසින් සැකකාර ගුරුවරයා ඊයේ රාත්‍රි 9.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ෂණ පවත්වයි

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *