Latestදේශීය

ගිනිඅවි නිෂ්පාදන ස්ථානයක් වටලයි

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයන් වටලා ඇත.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකළ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙම සැකකරු වයස අවුරුදු 63ක් වන පාලටුව, මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙලෙස නිපදවූ ගිනිඅවි 02ක් මුදලට අලෙවි කර ඇති බවයි.

පසුව අහංගම පොලිස් වසමේදී මෙලෙස විකුණන ලද ගිනිඅවි 02 සමග අවි මුදලට ගත් සැකකරුවන් දෙදෙනා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 47 හා 54 වයස්වල පසුවන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ . ඔවුන් සහ එම ගිනිඅවි මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු  ලබනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *