Latestදේශීය

බිත්තර සිල්ලර මිළ රුපියල් 41යි

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් බිත්තර නිෂ්පාදන සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත

ඒ අනූව වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් සමග මෙම එකඟතාවයට පැමිණි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *