මන්නාරම යටවෙයි
ඊයේ (24) සවස සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මන්නාරමේ පහත් බිම් හා එම ප්‍රදේශ වල පිහිටි නිවාස 48 ක් ජලයෙන් යට වී තිබේ.
වැඩිම ප්‍රදේශයක් ජලයෙන් යට වි ඇත්තේ මන්නාරමේ එමිල් නගර් හා සවුත් බාර් යන ප්‍රදේශ වලය.
එම පළාත් දෙකේ නිවාස 34 ක් ජලයෙන් යට වී තිබේ.
ශාන්තිපුරම්, චෞදාර්, එල්ලාර් සහ මුර්වීඩි යන පළාත්ද ජලයෙන් යට වී ඇතත් එම පළාත් වල වැසියන්ට හෝ නිවාස වලට හානි සිදුව නොමැති බව මන්නාරම ප්‍රාදේශීය ලේකම් එස්. ප්‍රදීප් මහතා පැවසීය.
ජලයෙන් යටවුණු නිවාස වල ජීවත් වූ වැසියන් රාත්‍රි කාලයට පෙර ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට මන්නාරමේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

