Latestදේශීය

මහින්ද මැගසින් බන්ධනාගාරයට

මැග­සින් බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලී­මට හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ඊයේ (25) එහි ගොස් ඇත.

බන්ධ­නා­ගාර ආරංචි මාර්ග පැවැ­සුවේ මහින්ද රාජ­පක්ෂ මහතා ඊයේ (25) පෙර­වරු 11.00ට පමණ මැග­සින් බන්ධ­නා­ගා­ර­යට පැමිණි අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමුවී විනාඩි 20ක් පමණ සුහද කතා­බ­හක නිර­තවූ බවයි.

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලී­මට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මහ­ලේ­කම් නීතිඥ සාගර කාරි­ය­ව­සම්, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ජයන්ත කැට­ගොඩ මහ­ත්ව­රුන්ද මැග­සින් බන්ධ­නා­ගා­රය වෙත ගොස් ඇතැ­යිද බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *