Latestදේශීය

යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක තානාපතිවරු ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජනාධිපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එම රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා  ශක්තිමත් කර ගැනීම මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවල අරමුණයි.

ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව කැප වී සිටින අතර ලොව සියලු රටවල් සමඟ  රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීම සහ ආර්ථික, දේශපාලන හා සමාජීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

@මාධ්‍ය ඒකකය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *