Latestදේශීය

රාජ්‍යසේවය ඩිජිටල්කරණය කළ යුතුයි – අගමැති

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත .

අමාත්‍යවරිය මේ බව පවසා ඇත්තේ , ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින්.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියාසිටියේ වර්තමාන රජයට මෙරට ඩිජිටල්කරණය කිරීම පිලිබද පැහැදිලි දැක්මක් ඇති බවයි.

එමෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම මූලික කරගත් ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවද ඒ අනුව යාපනය, මාතර සහ නැගෙනහිර පාළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කලාප ඇතිකිරීමට රජයේ අවධානය යොමුවී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.

ජාත්‍යන්තර ඩිජිටල් සමාගම් සහ දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදකයින් අතර සබඳතාවයක් ඇති කිරීමද අවශ්‍ය බව තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම, ඒ සඳහා පහසුකම් සැපයීම, වෘත්තීයවේදීන් සඳහා අවශ්‍ය දීමනා ලබාදීම වැදගත් බවත් මෙහිදී ඇය පැවසුවා.

ඩිජිටල් අංශය සඳහා කාන්තාවන්ගේ දායකත්වය වැඩිකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම රැස්වීම අමතමින් වැඩිදුරටත් සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *