විදුලි බිල අඩුකිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
දැනට පවතින මිල සූත්‍රය අනුව එම යොජනාවලිය සකස් කළ බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.
මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
මෙය විදුලි බිල අඩු කිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාවයි.
මේ අතර, පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සඳහා නව සාමාජිකයින් නම් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

