පෝලිම් යුගයක් ආයෙත් එනවා – සජිත් ප්‍රේමදාස
අප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබෙයි කියා සිතුවත් මේ රජය ජනතා දුක් ගිනිනිවනවා වෙනුවට ජනතාවගේ ජන ජීවිතය තුළ නවතම දුක් ගින්නක් ඇති කර ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නැවත වරක් රටේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගොස් ඇති බවත් ජනතාවගේ ආදායම් මාර්ග කුඩා වී රජයේ දුර්වලතාව තුළ වියදම් වැඩි වී ඇති බවත් ඒ මහතා පැවසීය.ජනතාව තුන් වේල කන්නේ අමාරුවෙන් වුවත් අද වන විට පොල් පෝලිමක් පවා නිර්මාණය වී ඇති බවත් ජනතාව මෙය අපේක්ෂා නොකළ බවත් ජනතාවගේ දුක්ගිනි වැඩිකරන මේ යුගය අවසන් කර සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහි කිරීමට එක්වන ලෙසත් ඒ තුළින් අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර අත මිට සරු කරන යුගය බිහිකිරීමට එක්වන ලෙසත් පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

