සී බී රත්නායකට සංග්‍රහයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක කොත්මලේ පුඩළුඔය නගරයේ පසුගියදා (25) පස්වරුවේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීමක් ඇමතීමට සූදානම් වන අවස්ථාවේ පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් මතුව ඇති බවත් ඔහුගේ කතාවට බාධා වන පරිදි දිගින් දිගටම ජනතාව හූ කියා ඇති බවත් වාර්තා වේ.
අදාළ සිදුවීම වන අවස්ථාවේ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂද සහභාගී වී සිටි බවත් වාර්තා වේ.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා මෙම රැස්විම සංවිධානය කර තිබී ඇති අතර එහිදි සි.බි රත්නායක රැස්විම ඇමතිමට සුදානම් විමත් සමග පාක්ෂිකයන් කෑගසමින් ඔහුගේ කතාවට බාධා කර ඇත.
පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේද දැඩි පරිශ්‍රමය මධ්‍යයේ හිටපු මන්ත්‍රී සි.බි රත්නායකට රැස්වීම ඇමතීමට අවස්ථාව සලසා දී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

