Latestදේශීය

මැතිවරණ වීරයෝ වෙන්න හදන පාස්කු අමුතු කැක්කුම

පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන් අමුතු කැක්කුමකින් කතා කරන දේශපාලකයන්ගෙන් කිසිම වැඩක් නැත යනුවෙන් කොළඹ අදරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවැසීය.

පාස්කු ප්‍රහාරය ගැන මීට පෙර වචනයක්වත් කතා නොකළ දේශපාලන නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඒ ප්‍රහාරය ගැන දැන් අමුතු කැක්කුමකින් කතා කරනවා පෙනෙනවා. ඒ අය මේ මැතිවරණයත් ආසන්නයේ තියාගෙන වීරයෝ වෙන්න හදනවා. ඒත් අපට ඒ අයගෙන් කිසිම වැඩක් නෑ යනුවෙන් කාදිනල්තුමා පැවැසීය.

හපුගොඩ මීසමේ පොල්ගහහේන ජේසු බිළිඳාණන්ට කැප කළ දෙව්මැඳුර ආසිරි ගැන්වීමෙන් පසු පැවැති විශේෂ දේව මෙහෙයේදී කාදිනල්තුමා එම ප්‍රකාශය කළේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *